“සාඩම්බර මිතුරෙක්” ව්‍යාපෘතිය

මිතුරන් යනු  සමරිසි පුරුෂ, සමරිසි කාන්තා, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික, සහ අවිනිශ්චිත අනන්‍යතාවයන් සහිත (LGBTIQ)  පුද්ගලයින්ගේ වඩාත්ම ඵලදායී සහ ප්‍රබලම හඬවල් වේ. ඔවුන් අපගේ සහෝදර සහෝදරියන්, අප‌ගේ දෙමාපියන්, ඥාතීන්, හිත මිතුරන්, ගුරුවරුන් හෝ සේවා ස්ථානයේ සගයින් හෝ විය හැකිය. කෙසේ වෙතත්, LGBTIQ නොවන පුද්ගලයින් හට පමණක් නොව, LGBTIQ පුද්ගලයින් හට ද LGBTIQ ප්‍රජාවේ අනෙකුත් සාමාජිකයින් හට මිතුරෙකු විය හැකි බව අවබෝධ කර ගැනීම වැදගත් වේ.    

සරලව ගතහොත්, මිතුරෙකු යනු බහුතරයගේ  වරප්‍රසාදයන් අවබෝධ කරගනිමින් සුළුතරයගේ දුෂ්කරතාවයන් පිළිබඳ සංවේදී වන සහ සැමට සමාන අයිතිවාසිකම් සහ සාධාරණ ලෙස සැලකීම වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකි.එසේ මිතුරෙකු වීම සඳහා නිශ්චිත හෝ පැහැදිලිව දැක්විය හැකි ක්‍රමවේදයක් නොමැති වුවද, ඉන් අදහස් කෙරෙන්නේ විවෘත ලෙස සංවාදයේ යෙදීම, ප්‍රශ්න ඇසීම, ඔබ විසින් පක්ෂග්‍රාහී වන දෑ සහ ඔබ විසින් නොදකින දෑ හඳුනා ගැනීම සහ ඔබගේ සුවපහසුව නොසළකා ඉදිරියට පැමිණීමයි. 

LGBTIQ ප්‍රජාව සඳහා සමාන අයිතිවාසිකම් සහ පිළිගැනීම් ලබා ගැනීම   යන ගමනේදී, සගයන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. LGBTIQ පුද්ගලයින්ට එරෙහි වෙනස්කම් කිරීම, අපකීර්තිය, කොන් කිරීම සහ ප්‍රචණ්ඩත්වය  නැවැත්වීම, මිතුරන්ගේ    සහාය නොමැතිව අපට අවසන් කළ නොහැක. මිත්‍රත්වයේ වැදගත්කම සහ LGBTIQ ප්‍රජාවට හොඳ සගයෙකු වන්නේ කෙසේද යන්න පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා, EQUAL GROUND පුළුල් පරාසයක ව්‍යාපෘතියක් දියත් කර තිබේ, අධ්‍යාපනික මෙවලමක් ලෙස ‘ALLY FOR EQUALITY’ පොත් පිංචක් සහ සමාජ මාධ්‍යවල ‘I AM A PROUD ALLY’ වීඩියෝ මාලාවක් මෙයට ඇතුළත් වේ. ඔබ මෙම වීඩියෝ මාලාවට සම්බන්ධ වීමට කැමති නම්, කරුණාකර  ඔබගේ දුරකථනයෙන්  “මම සාඩම්බර  මිතුරෙක් ”  යන සරල පණිවිඩය වීඩියෝ ගත කර media@equalgroundsrilanka.com  විද්‍යුත් තැපෑලට එවන්න.

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර් ඔස්සේ සම්බන්ද  වීමෙන් සහ  අපගේ වෙබ් අඩවියෙන් පොත් පිංච බාගත කර ව්‍යාපාරයේ කොටසක් විය හැකිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න