අපි කවුද


 EQUAL GROUND යනු සමරිසි පුරුෂ, සමරිසි කාන්තා, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික, සහ අවිනිශ්චිත අනන්‍යතාවයන් සහිත (LGBTIQ) ප්‍රජාව සඳහා ආර්ථික, සමාජීය, සංස්කෘතික, සිවිල් සහ දේශපාලනික වශයෙන් සමාන අයිතිවාසිකම් දිනා දීම සඳහා ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාකාරීව සටන් කරන ලාභ අරමුණු කර නොගත්  සංවිධානයකි. 

සියළුම LGBTIQ පුද්ගලයන් හට ආරක්‍ෂිත පසුබිමක් සැකසීමට  ඇප කැපවී ක්‍රියාකරන අතර LGBTIQ ප්‍රජාව සඳහා මානසික යහපැවැත්ම, ආර්ථික, සමාජීය හා දේශපාලන සවිබල ගැන්වීම, සෞඛ්‍ය සේවා හා අධ්‍යාපනය ලබාගැනීම, නිවාස හා නෛතික ආරක්ෂාව ඇතුළු ස්වයං ආධාර ලබාගැනීම සඳහා අවස්ථාව  ලබා දීම වෙනුවෙන් ක්‍රියාකාරිව කටයුතු කරයි. විවිධ දිශානතීන් හා අනන්‍යතාවයන් සහිත ශ්‍රී ලංකාවේ වෙසෙන LGBTIQ පුද්ගලයන් මෙන්ම විෂමරිසි මිතුරන් හා හිතවතුන් විශාල ප්‍රමාණයක්  EQUAL GROUND සමඟ එක්වී සිටියි.

2004 දී ආරම්භ කරන ලද EQUAL GROUND මෙරට ක්‍රියාත්මක වන මෙවැනි ආකාරයේ පැරණිතම සංවිධානයයි.