අපගේ මෙහෙවර


සියලූම ලිංගික දිශානතියන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාවන්ට සමතැන: සැමට මානව හිමිකම්.

මූලික සාරධර්ම


විශ්වසනීයත්වය සහ අවංකකම

අපි අවංක වන්නෙමු. අපි කළ නොහැකි පොරොන්දු නොදෙන අතර, දුන් පොරොන්දු අපි ඉටු කරන්නෙමු. අපි ශ‍්‍රී ලංකාවේ නීති උල්ලංඝනය නොකරන්නෙමු. එසේ කිරීමට අපට අනුබද්ධ කිසිවෙකුටද සහාය නොවන්නෙමු.

හවුල්කාරී බව

අපගේ පොදු දැක්ම සහිත වෙනත් පුද්ගලයින්ට සහ සංවිධානවලට සහාය වීමට අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නෙමු.

නිර්මාණශීලීත්වය සහ කෞෂල්‍යය

සමානාත්මතාවය සෑම කෙනෙකුටම ලද හැක්කක්ය යන පණිවුඩය පතුරුවා හැරීම උදෙසා නිර්මාණාත්මක, ඵලදායී හා කාර්යක්ෂම ක‍්‍රම සොයා ගැනීමට අපි උත්සාහ කරන්නෙමු.

විනිවිදභාවය

අපගේ ක‍්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු හෝ අපගේ පරිත්‍යාගශීලීන්ගේ ලැබෙන මුදල් ගැන අප කිසිවක් සඟවන්නේ නැත්තෙමු. අප වැරැද්දක් කළහොත්, අපි එහි වගකීම ගෙන, එය නිවැරදි කිරීමට ක‍්‍රමයක් සොයා ගන්නෙමු.

තොරතුරු සහ නිපුණතාව

අපි අපේ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් බවට පත්වන්නෙමු. අපගේ දැක්ම යථාර්ථයක් බවට පත්වීම සඳහා අපගේ අනෙකුත් සාරධර්මවලට සමගාමීව වැඩි වැඩියෙන් විශේෂඥතා දැනුම ජනනය කර ගන්නෙමු.

යහපත් ආකල්ප

අපි අන් අයට සලකමින් ගරු කරන්නෙමු. අප කියන දේ අපි ම පිළිපදින්නෙමු.

රහස්‍යභාවය

අයිතිකරුවන්ගේ පැහැදිලි අවසරයකින් තොරව අපි පුද්ගලික හෝ ආයතනික තොරතුරු අනාවරණය නොකරන්නෙමු.

අපගේ ලාංඡනය


EQUAL GROUND ලාංඡනය සංවිධානයේ නම කැපිටල් අකුරෙන් දක්වන අතර, ඉංග්‍රීසි A අකුර වෙනුවට උඩු යටිකුරු කළ රෝස පැහැ ත්‍රිකෝණයක් යොදා තිබේ. ප්‍රතිලෝම රෝස ත්‍රිකෝණයෙහි භාවිතය ආරම්භ වූයේ දෙවන ලෝක යුද්ධ සමයේ නාසි වධ කඳවුරුවලිනි.

ඒවායෙහිදී සමලිංගිකත්වය ඇතුළු ‘ලිංගික අපගමනයන්‘ සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පිරිමින්ට රෝස පැහැති ත්‍රිකෝණයක් පැළඳීමට බල කෙරුණි. ස්ටෝන්වොල් කෝලාහලයට පසු සමරිසි අයිතිවාසිකම් ව්‍යාපාරය තුළ එම සංකේතය නැවත බල ගැන්වීමේ සංකේතයක් ලෙසත්, සිහිපත් කිරීමේ සංකේතයක් ලෙසත් යළි කරළියට ගෙන එන ලදී.

සංවිධානයේ නම හරහා දිවෙන අඛණ්ඩ, තිරස්, රෝස පැහැති රේඛාව මඟින් ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාවය / ප්‍රකාශනය / ලක්ෂණ නොසලකා සියලු පුද්ගලයින් සඳහා සෑම අතින්ම සමානාත්මතාවය ලැබිය යුතු බව නිරූපනය කරයි.

Image

අපගේ මෙහෙයුම් පරිසරය


ශ්‍රී ලංකා සමාජය ව්‍යුහගත වී ඇත්තේ දැඩි ස්ත්‍රී පුරුෂ සමාජභාවී භූමිකාවන් සහ වගකීම් මත වන අතර, විෂමජාතීය හා ද්විමය ස්ත්‍රී පුරුෂ සමාජභාවය දකින්නේ අසාමාන්‍ය, අපගාමික සහ දඬුවම් කළ යුතු / වෙනස් කොට සැලකිය යුතු යමක් ලෙසයි. අපගේ යටත් විජිත අතීතයේ අභාෂය නිසා, වැඩිහිටියන් අතර සහමතියෙන් සිදුවන සමරිසි ලිංගික සම්බන්ධතා වසර 10 ක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි අපරාධ ක්‍රියාවක් ලෙස සැලකේ.

එහි ප්‍රතිඵලයක් ලෙස සමරිසි සම්බන්ධතා සහ සංක්‍රාන්ති සමජභාවය වෙත සමාජ අපකීර්තියක් ආරෝපණය වී ඇත. මෙය දැඩි ලෙස සාමාන්‍යකරණය වී ඇති නිසා LGBTIQ ප්‍රජාව හෝ ඊට අයත් යැයි සැලකෙන අයව වෙනස් කොට සැලකීම හා කොන් කිරීම නිතරම සිදුවේ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාවය සහ ලිංගික දිශානතිය පිළිබඳ අවබෝධයක් නොමැතිකම හේතුවෙන් සහ වැරදි ලෙස අර්ථකථනය කරන ලද ආගමික / සංස්කෘතික මූලධර්ම හේතුවෙන්, LGBTIQ පුද්ගලයන්ව බොහෝ විට විෂමලිංගික විවාහයන් සඳහා බල කෙරේ. තවද ඔවුන්ව සමරිසිභාවයෙන් මුදවා ගැනීමේ අරමුණින් කරන දූෂණයට ලක් වීම හෝ ඔවුන්ගේ නිවෙස්වල සහ ප්‍රසිද්ධියේ ප්‍රචණ්ඩත්වයට මුහුණ දීම නිතරම සිදුවේ. මෙලෙස හිරිහැරයට ලක්වූ පුද්ගලයන් යුක්තිය, සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට බොහෝ විට යොමු නොවන්නේ ඔවුන්ගේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාවය අනෙක් අය දැන ගනිතැයි යන බිය නිසා සහ, බලධාරීන් අතින් තවදුරටත් අපයෝජනය කිරීම් සිදුවීමේ තර්ජනයක් පැවතිය හැකි බැවිනි.