Stand Out in PRIDE!

ඡායාරූප තරඟය

බොහෝ සේ සාකච්ඡා කිරීමෙන් පසු අපි ජයග්‍රාහකයින් තීරණය කර ඇත!

විනිසුරුවන්ගේ තේරීම් සම්මානය

තරඟය සඳහා විනිසුරුවන් 4 දෙනා, නිම්මි හරස්ගම (සම්මානලාභී නිළි), අමීනා හුසේන් (කර්තෘ සහ ප්‍රකාශක), කේසර රත්නවිබුෂන (ඡායාරූප ශිල්පි) සහ රෝසෑනා ෆ්ලෙමර්-කල්දේරා (EQUAL GROUND හි විධායක අධ්‍යක්ෂ) ජයග්‍රාහී තේරීම වු මඩකලපුවේ හබීෂා විසින් ඉදිරිපත් කරන ලද අංක 54 පින්තූරය ගැන මෙසේ සඳහන් කළේය.

විනිසුරුවන් අදහස් වලින් උපුටා ගැනීම්;

නිම්මි හරස්ගම

කොළඹ PRIDE ඡායාරූප තරඟය විනිශ්චය කිරීමට මා සහභාගී කර ගැනීම ගැන ස්තූතිය සහ සියළුම ඡායාරූප නැරඹීමට ලැබීම ගැන සතුට පල කරමි. පින්තුර වල, සිතුවිලි හා විස්තර ඇතුළත් කර ඇති ආකාරයෙන් පිළිඹිඹු වන්නේ, ශ්‍රී ලංකාවේ සහ සමරිසි ප්‍රජාව තුළ ඇති ඇති දක්ෂතාවන් මොනවාද යන්නයි.”

අමීනා හුසේන්

ඉදිරිපත් කරන ලද ඡායාරූප මුල් ඡායාරූප වූ නිසා කෙටි ලැයිස්තුවක් තෝරා ගැනීම මට අපහසු විය. සමහර කලාකරුවන් ඡායාරූපවල තැන්පත් කර ඇති සියුම් හා සංකීර්ණ පණිවිඩ වලට මම කැමති වුනා. ජයග්‍රාහකයා සඳහා මගේ අවසාන තේරීම වූ ඡායාරූපය එවැනි නවීනතාවයකින්, අවශ්‍ය සියලු අංග ආවරණය කර ඇති නිසා එය සරල හා පහසු ලෙස පෙනෙන බැවිනි. එවැනි නිර්මාණශීලිත්වයක් සහ පරිකල්පනය ඉදිරිපත් කළ සැමට සුබ පැතුම්. PRIDE මාසය සැමරීම හා ගෞරවය දැක්වීම සඳහා EQUAL GROUND විසින් පවත්වන ලද තරඟයට විනිශ්චයකරුවෙකු වීමට ලැබීම මට ගෞරවයක්”

කේසර රත්නවිබුෂන

අංක 54 ජයග්‍රහණය සඳහා සුදුසු වන්නේ එය එහි විෂය නිර්නාමිකභාවයේ සිට දේදුනු වර්ණවලින් රුබික් කියුබ්හි සියුම් බව දක්වා නරඹන්නා මත වර්ධනය වන හෙයිනි. මෙම පින්තූරයේ ගැඹුරක් සහ චේතනාවක් දක්නට තිබෙනවා, එහි පහත් කෝණය මගින් තණකොළ ඕනෑකමින් ඉස්මතු කිරීමට කරන ලද උත්සාහයෙන් එය දෙස බලන් කෙනාට මෙය උපකල්පනය කිරීමට ඉඩ සලස්වා තිබෙන අතර බලන කෙනාගේ අවධානය සහ කල්පනාව තබා ගැනීමට මෙම පින්තූරය සමත් වී ඇත. බොහෝ දේ අනුමාන කළ හැකි අතර එහි කියවීමට බොහෝ දේ ඇත… සංකල්පනාව සහ සම්පාදනය කර ඇති අකාරය හේතුවෙන් මෙම පින්තූරය ජයග්රහණය කිරීමට සුදුසු යැයි මගේ අදහස

රෝසෑනා ෆ්ලෙමර්-කල්දේරා

“මෙම virtual PRIDE තරගය සඳහා ඉදිරිපත් කරන ලද ඡායාරූප විශාල සංඛ්‍යාවක් සැබවින්ම සතුටුයි සහ එය අපිට එය ඉදිරි වැඩසටහන් වලට හොඳ පෙළඹවීමක්! අංක 54 පින්තූරයට මට හිත ඇදුනා සහ මන් හිතන්නේ අපි කියපු ආකාරයට තරඟයේ උපදෙස් සහ අදහස වගීම කලාකරුගේ සිතුවිලි සහ සිතේ ස්වභාවය හොඳින් ඉස්මතු කරන්නේත්.

විනිසුරුවන්ගේ තේරීම් සම්මානය සඳහා රු 10,000 / – මුදල් ත්‍යාගය මඩකලපුවේ හබීෂා විසින් ඉදිරිපත් කරන ලද ඡායාරූප අංක 54 වෙත පිරිනැමේ! හබීෂාට සුබ පැතුම්!!

ප්‍රජාවගේ තේරීම සම්මානය

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි 2,200 කට අධික “likes” ලබා, ප්‍රජා තේරීම් සම්මානය දිනා ගන්නේ තාරුෂා විසින් එවන ලද ඡායාරූප අංක 012 වේ. ඇය රු 10,000 / – ක ත්‍යාගය දිනා ගනී! තරුෂාට සුබ පැතුම්!

සැනසිලි ත්‍යාග රුපියල් 2500 / – බැගින් පහත සඳහන් ඡායාරූප වල‍ට පිරිනැමේ; 

003 – වෙහාරා
016 – සැම්
028 – නිපුණිකා 

049 – ඉන්දික
058 – ගේබ්‍රියල්

081 – ආධිල්
084 – යමුනා

සියලුම ජයග්‍රාහකයින්ට සුබ පැතුම් සහ සහභාගී වූ සැමට ස්තූතියි. මෙම තරගය සඳහා ඡායාරූප 90 කට වැඩි ප්‍රමාණයක් සලකා බලන ලදී. ජයග්‍රාහී ඡායාරූප සහ තරඟයේ අනෙක් සියලු ඡායාරූප “virtual” ඡායාරූප ගැලරියකට උඩුගත කරනු ඇත!

කරුණාකර අපගේ ඊළඟ වැඩසටහන් සඳහා අපගේ ෆේස්බුක් පිටුව බලන්න  සංගීත සහ නර්තන වීඩියෝ තරඟය සහ Instagram සජීවී “Let’s Talk” චැට් වැඩසටහන.  

එක්සත් ජනපද තානාපති කාර්යාලයට ඔවුන් දැක්වූ සහයෝගයට අපි කෘත වෙමු! Happy PRIDE!

ප්‍රතිචාරයක් ලබාදෙන්න