Let’s Talk on Social Media වීඩියෝ මාලාව

දැඩි සමාජ දුරස්ථ පියවරයන් නිසාවෙන් 2020 අවුරුද්ද අනෙක් අවුරුදු වලට සාපේක්ෂව අසීරු වසරක් වූ බැවින් මෙවර කොළඹ අභිමානය සැමරීමේදී EQUAL GROUND හි අප හට වඩාත් නිර්මාණශීලී වීමට සිදු විය. වසර 16ක ඉතිහාසයේ පළමු වතාවට කොළඹ අභිමානය virtual ක්‍රමයට සැමරීමට අපට සිදුවිය. මෙවර කොළඹ අභිමානය සැමරුම් උළෙලේ දී දේදුණු සංගීත හා නර්තන ප්‍රසංගය සහ අභිමානී සිනමා උළෙල සමාජ මාධ්‍ය ඔස්සේ මාර්ගගත (virtual) ක්‍රමයට සැමරීමට අපි කටයුතු කළා. එමෙන්ම තවත් අලුත් අංගයන්ද සහභාගිත්වය හා උනන්දුව වැඩිකිරීමේ අරමුණින් වැඩසටහන් පෙළගැස්මට එක් කර තිබුණා.

EQUAL GROUND හි නිර්මාතෘ හා ප්‍රධාන විධායක අධ්‍යක්ෂිකා රොසෑනා ෆ්ලෙමර්-කල්දේරා මෙනවිය ප්‍රකාශ කළේ “වසර 16ක් තිස්සේ නොකඩවා පවත්වාගෙන ආ කොළඹ අභිමානය සැමරුම් උළෙල කල් දැමීම ඉතාමත් අසීරු තීරණයක් වුණා. එහෙත් කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ලැබුණු සහයෝගයත් සමඟ කොළඹ අභිමානය උළෙල අන්තර්ජාලය ඔස්සේ පවත්වන්නට අපට හැකියාව ලැබුණා. එමෙන්ම එයට ඉතා ඉහළ සහභාගිත්වයක් හා ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා” යනුවෙනුයි.

කොළඹ අභිමානය සැමරුම් උළෙල කුවියර ප්‍රජාව දිරිගැන්වීම උදෙසා හා ඔවුන්ට සාඩම්බරයෙන් පිටතට පැමිණීම උදෙසා මෙන්ම විවිධාකාර අනන්‍යතාවයන් සැමරීම උදෙසා ක්‍රියාත්මක වෙයි. අපට මුහුණ දීමට සිදු වූ බොහෝ අභියෝග 2020 වසරේදීද වෙනස් නොවීය. ‘Empower and Unchain’ (with knowledge and encouragement comes liberation and freedom) යන්න මේ වසරේ තේමාව විය.

Virtual උත්සවයක් ලෙස පැවැත්මට සිදුවූ නිසා පෙර නොවූ විරූ ප්‍රේක්ෂක සංඛ්‍යාවක් කරා ළඟා වීමට EQUAL GROUND සහ කොළඹ අභිමානය උළෙලට හැකියාව ලැබුණි. අපගේ online වැඩසටහන් මාලාව ඔස්සේ දිවයින පුරා පැතිරී සිටින කුවියර ප්‍රජාව වෙත ළඟා වීමට හැකියාව ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාව පුරා විශාල LGBTIQ පිරිසක් අපගේ සංවිධානය හා අපගේ වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් විය. පුළුල් online සහභාගීත්වයට ස්තූතිවන්ත වන්නට, අපට තවත් සගයන් හා මිතුරන් සමඟ සාකච්ඡා කිරීමට සහ අපගේ ආධාරකරුවන්ගේ ජාලය වර්ධනය කරගැනීමට හැකි විය.

මේ වසරේ කොළඹ අභිමානය virtual උත්සවයේ එක් අංගයක් වූයේ ඉන්ස්ටග්රෑම් ලයිව් (Instagram Live) ඔස්සේ කීර්තිමත් හා ප්‍රසිද්ධ ක්වීයර පුද්ගලයින් සහ LGBTIQ ප්‍රජා සාමාජිකයින් සමඟ පැවැත්වූ සාකච්ඡා මාලාවයි.

Let’s Talk on Social Media වැඩසටහන් මාලාව LGBTIQ හා කුවියර ප්‍රජාවට බලපාන නොයෙකුත් මාතෘකා ඔස්සේ විහිදී තිබුණි. මෙම සංවාද මාලාව ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන් වන එමෙන්ම අපගේ ප්‍රජාවේ සාමාජිකයන් ද වන පිරිසක් සමඟ පැවැත්වුණි. මේ අනුව තමාගේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය  අනන්‍යතාවය සහ / හෝ ප්‍රකාශනය මත පදනම්ව තමාව සීමා කර නොගැනීමටත් අප සැමටම අපට අවශ්‍ය පරිදි ඉදිරියට ගමන් කළ හැකි බවත් මනාව පෙන්නුම් කෙරේ.

ඉංග්‍රීසි සාකච්ඡාවන් රොසෑනා ෆ්ලෙමර්-කල්දේරා මෙනවිය (EQUAL GROUND හි නිර්මාතෘ හා ප්‍රධාන විධායක අධ්‍යක්ෂිකා, කොළඹ අභිමානය අධ්‍යක්ෂිකා) විසින් මෙහෙයවීය. ඇය බ්‍රැන්ඩන් ඉන්ග්‍රම් (රංගන හා ගායන ශිල්පී, ලේඛක හා ගීත රචක) මහතා, නිම්මි හරස්ගම (සිනමා හා නාට්‍ය රංගන ශිල්පී, ලේඛිකා, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිණි), හෙමලලීන්ද්‍ර රනවක (koluu) (ප්‍රවීණ සූපවේදී) හා යැස්මින් යූසුෆ් (ගුවන්විදුලි නිවේදිකා, decibel.lk සම නිර්මාතෘ) යන අය සමඟ සාකච්ඡා පැවැත්වීය.

කෞශාල් රණසිංහ (මාධ්‍යවේදී හා Prep Talks කැඳවුම්කරු) විසින් සිංහල සාකච්ඡාවන් මෙහෙයවන ලද අතර භූමි හරේන්ද්‍රන් (ශ්‍රී ලංකා ජාතික සංස්කෘති සමාජභාවී පුද්ගලයන්ගේ ජාලයේ විධායක අධ්‍යක්ෂිකා), ගාපින්ක් – ගයාන් රත්නායක (කුවියර කළාකරු), තශී ජයවීර (ගායන ශිල්පී, ගීත රචක) හා තරින්දි දේවසුරේන්ද්‍ර (මානව හිමිකම් ක්‍රියාකාරීණී, SRHR පුහුණුකරු) යන අය සමඟ සාකච්ඡා පැවැත්විණි.

භූමි හරේන්ද්‍රන් විසින් දෙමළ සාකච්ඡාවන් මෙහෙයවන ලද අතර ඒන්ජල් – Angel Queentus  (යාපනය  සංක‍්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ ජාලයේ නිර්මාතෘ, LGBTIQ+ හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී) , තේන්මොලී මාග්‍රට් -Thenmoli Magrette  (ද්‍රවිඩ භාෂාව භාවිතාකරන LGBTIQ ප්‍රජාවේ  හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී),  සහ අප්පතුරියි මේරි (ව්‍යාපාරික , LGBTIQ හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී) යන අය සමඟ සාකච්ඡා පැවැත්විණි.

මෙම Instagram වීඩියෝ මාලාවට සිය ගණනක් නැරඹුම්වාර හා අදහස් ලැබී තිබුණු අතර එමඟින් කුවියර ප්‍රජාව මුහුණ දෙන ගැටළු පිළිබඳව උද්යෝගිමත් සාකච්ඡා ආරම්භ කිරීමට ප්‍රස්තූතය සකසා තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න