EQUAL GROUND විසින් විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කිරීම් (Diversity, Equity, & Inclusion) පිළිබඳ පෙරළිකාර අන්තර්ක්‍රියාකාරී විද්‍යුත් මොඩියුලයක් ශ්‍රී ලංකාවේ ආයතනික අංශය සඳහා සකස් කර දියත් කරනු ලබයි.

EQUAL GROUND ආයතනය මෑතකදී සිය ගමනේ වැදගත් පියවරක් ගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ආයතනික අංශයට LGBTIQ ප්‍රජාවේ සාමාජිකයින් පිළිගත හැකි සහ ආරක්ෂිත අවකාශයක් බවට පත් කිරීමේ අරමුණින් විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කිරීම් පිළිබඳ විද්‍යුත් මොඩියුලය (e-module) දියත් කරන ලදී.  විද්‍යුත් මොඩියුලය මගින් ලිංගික දිශානතිය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාව ප්‍රකාශනය (SOGIE) සම්බන්ධ මාතෘකා ගවේෂණය කරන අතර,ආයතනය තුල ශ්‍රම බලකායන් අතර දැනුවත්භාවය ගොඩ නැගීම හරහා වඩාත් විවිධත්වයෙන් යුතු සහ පිළිගැනීම සහිත පරිසරයක් ඔවුන් සඳහා නිර්මාණය කිරීමට මෙම මොඩියුලය භාවිතා කළ හැකි වේ. 

මෙම පාඨමාලාව නිර්මාණය කිරීම සඳහා EQUAL GROUND, මාර්ගගත අධ්‍යාපනය පිළිබඳ (e-Learning) අන්තර්ගත සංවර්ධන සමාගමක් වන “Layup” සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලදී. 

මෙම විද්‍යුත් මොඩියුලය එළිදැක්වීම 2024 මාර්තු 07 වන දින සිදු කරන ලද අතර, විවිධ කර්මාන්තවලට අයත් බහුවිධ සමාගම්වල පාර්ශවකරුවන් මීට සහභාගී වී සිටියහ. EQUAL GROUND හි විධායක අධ්‍යක්ෂිකා රොසෑනා ෆ්ලේමර්-කල්දේරා සමඟ ව්‍යාපෘතියේ උපදේශකයින් ලෙස ක්‍රියා කරමින් විද්‍යුත් මොඩියුලය නිර්මාණය කිරීමට දායක වූ පුද්ගලයින් දෙදෙනෙකු වන: සමාජ ව්‍යවසායකත්වය පිළිබඳ ආයතනික සන්නිවේදන ප්‍රධානී, මෙහෙයුම් ප්‍රධානී, විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කිරීම් සඳහා කණ්ඩායම් නායක, ජෝන් කීල්ස් සමූහයේ ජ්‍යෙෂ්ඨ සහකාර උප සභාපති – කුමුදු මුණසිංහ සහ ස්ත්‍රී පුරුෂ භාවය සහ කාර්යභාරය පිළිබඳ උපදේශිකා- ගයනි රණසිංහ මෙම අවස්ථාවේ අදහස් දැක්වූහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න