සර්වනාම නිවැරදිව භාවිතා කිරීමේ වැදගත්කම (#PronounsMatter)

සර්වනාම  යනු අප අනෙක් පුද්ගලයින් වෙත ආමන්ත්‍රණය කරන ආකාරයයි. ශ්‍රී ලංකාවේ ද ලෝකයේ වෙනත් බොහෝ ප්‍රදේශවල මෙන්  සර්වනාම සාමාන්‍යයෙන් ස්ත්‍රී පුරුෂ භාවය පෙන්නුම් කරයි. සාම්ප්‍රදායිකව භාවිතා කරන සර්වනාම වන්නේ ඇය/ඇයට/ඇයගේ  සහ ඔහු/ඔහුට/ඔහුගේ, ස්ත්‍රී පුරුෂ භාවය පෙන්නුම් කරයි. 
මේවා බහුලව භාවිතා වන්නේ  ස්ත්‍රී පුරුෂ භාවයෙනි (පුද්ගලික අනන්‍යතාවය සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ හැඟීම උපතේදී ඔවුන්ට පවරා ඇති ලිංගිකත්වයට අනූව වේ). කෙසේ වෙතත්, දැන්, ස්ත්‍රී පුරුෂ භාවය නොපෙන්වන සර්වනාම භාවිතා කිරීම සාමාන්‍ය දෙයක් වී තිබේ, මේවා ස්ත්‍රී පුරුෂ උදාසීන සර්වනාම ලෙස හැඳින්වේ. ඉංග්‍රීසි භාෂාවෙ වඩාත් සුලභ ස්ත්‍රී පුරුෂ උදාසීන සර්වනාම වන්නේ   ඔවුන්/ඔවුන්ගේ යන පදයි.

තවත් වැදගත්  මතක තබා ගත යුතූ දෙයක් නම්, යමෙකුගේ පෙනුම, ඇඳුම් පැළඳුම් විලාසය, නම සහ වෙනත් බාහිර සාධක සැමවිටම ඔවුන්ගේ ලිංගභේදය හෝ ඔවුන්ගේ සර්වනාම හැඟවූම් නොකරයි.  එමනිසා, අපට කිසි විටෙකත් යමෙකුගේ සර්වනාම උපකල්පනය කළ නොහැකිය.

අප පළමු වරට යමෙකු මුණගැසෙන විට, අපගේ සර්වනාම සමඟ අපව හඳුන්වා දිය යුතු අතර ඔවුන්ගේ සර්වනාම  අසා සිටිය යුතුය. යමෙකු වැරදි සර්වනාමයක් සමඟ  ආමන්ත්‍රණය කළ විට, එය ඔවුන්ට අගෞරවයක්,  දුරස් වීමක් හෝ නොසොලකා හැරීමක් වැනි හැඟීමක් ඇති කළ හැකිය.  යමෙකුගේ සර්වනාම නිවැරදිව භාවිතා කිරීම ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවයට ගරු කිරීම  හැකි මූලික ක්‍රමයකි.

LGBTIQ ප්‍රජාව  , සහයෝගය දක්වනන් සහ සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා EQUAL GROUND විසින් සර්වනාම නිවැරදිව භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳ  ව්‍යාපෘතියක්   දියත් කර ඇත. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර් ඔස්සේ අපව  සම්බන්ධ වීමෙන් ඔබට මෙම  ව්‍යාපෘතිය   දැක ගත හැකිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න