වර්ණවත් හා ප්‍රීතිමත් කොළඹ අභිමානය 2022

ශක්තිමත් සහ නිහඞ නොවූ

අඛණ්ඩව 18 වැනි වරටත්, EQUAL GROUND විසින් ප්‍රබෝධමත් හා ප්‍රීතිමත් සැමරුමකින් කොළඹ අභිමානය 2022 (Colombo PRIDE 2022)  ශ්‍රී ලංකාවට ගෙන ආවේය.

මෙවර PRIDE සැමරුම ‘ශක්තිමත් සහ නිහඞ නොවූ’ යන තේමාව යටතේ පවත්වන ලද අතර, අප වෙනුවෙන් හා අපගේ අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට අපගේ LGBTIQ ප්‍රජාව සතු අධිෂ්ඨානය නිරූපණය කරන ලදී. සෑම විටම මෙන්, එය LGBTIQ ප්‍රජාවේ විවිධ අනන්‍යතා සහ ඔවුන්ගේ හඬ සමරන අතරම, තම අනන්‍යතාවය පිලිබඳ විවෘත වීමට දිරිමත් කරයි.

මෙම වසරේ PRIDE සැමරුම්වලට ශ්‍රී ලංකාවේ ඕනෑම කොනක සිටින ඕනෑම කෙනෙකුට සම්බන්ධ වීමට හැකි වන පරිදි විවිධ වැඩසටහන් මාලාවක් ඇතුළත් විය.

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ඇමෙන්ඩා ජුවෙල් මහත්මිය විසින් අභිමානි කුවියර චිත්‍රපට උළෙල (Abhimani Queer Film Festival) ආරම්භය සනිටුහන් කරන ලදී. Boy Erased, Firebird, සහ Badhaai Do වැනි විචාරක පැසසුමට ලක් වූ චිත්‍රපට ඇතුළුව, ජාත්‍යන්තර සහ දේශීය, කෙටි සහ විශේෂාංග චිත්‍රපට මෙහිදී ප්‍රදර්ශනය කරන ලදී.

දේදුනු සංගීත සහ නර්තන ප්‍රසංගයේදි (Rainbow Music and Dance Festival) ශ්‍රී ලංකාවේ LGBTIQ පුද්ගලයින්ට තම විවිධ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට හැකි විය. ප්‍රසංග 20කට අධික සංඛ්‍යාවක් (ගායන, නර්තන, වාදන) සහ 130කට අධික උද්යෝගිමත් ප්‍රේක්ෂක පිරිසක් සහභාගී වූ එය අමතක නොවෙන රාත්‍රියක් විය!

ගල්කිස්ස වෙරළ තීරයේ මනරම් හිරු බැස යන පසුබිමක, දේදුනු බස් සවාරිය (Rainbow Bus Ride) සහ දේදුනු සරුංගල් උත්සවය (Rainbow Kite Festival) සමඟ Colombo PRDIE 2022 සැමරුම් අවසන් විය.

මේ අතර, මාර්ගගත තරඟ – කෙටි චිත්‍රපට තරඟය, ගීත රචනා තරඟය සහ කාටූන් සහ කොමික්  තරඟය – LGBTIQ පුද්ගලයින්ට ඔවුන්ගේ නිර්මාණශීලීත්වය ගවේෂණය කර වටිනා ත්‍යාග දිනා ගැනීමට අවස්ථාවක් ලබා දුන්නේය.

වසර ගණනාවක් පුරා, නොයෙකුත් අභියෝග මධ්‍යයේ වුවද PRIDE සැමරුම වඩාත් ශක්තිමත්ව වර්ධනය වී ඇත. සෑම විටම මෙන්, LGBTIQ ප්‍රජාවේ විවිධත්වය, නිර්මාණශීලිත්වය සහ කුසලතා සැමරීම PRIDE සැමරුම්වල මුලිකම අභිප්‍රායයි.

පෙර මෙන්ම, Colombo PRIDE 2022 ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලක් වෙත ගෙන යාම සඳහා බොහෝ සංවිධාන EQUAL GROUND ආයතනය සමඟ හවුල් විය.

දැඩි ආර්ථික අර්බුද සහ ප්‍රවාහන ගැටලු මධ්‍යයේ වුවද, Colombo PRIDE සිය ගණනක් LGBTIQ පුද්ගලයන් සහ හිතවතුන් වෙත ළඟා වීමට සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න