ශ්‍රී ලංකාවේ සේවා ස්ථානයන්හිදී වෙනස්කොට සැලකීම පිළිබඳ අධ්‍යනයක්.


Dr. Tom Davis ගේ පණිවිඩය
රැකියා වල නියුතු LGBTIQ පුද්ගලයන්ගේ සේවා ස්ථානයන්හි අත්දැකීම් පිළිබඳ අපගේ නවතම සමීක්ෂණයෙන් හෙළි වූයේ ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සිය ලිංගික දිශානතියන් සහ / හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවි අනන්‍යතාවය / ප්‍රකාශනය හෙළි කිරීමට මැලි වන අතර, වෙනස් කොට සැලකීම සහ හිරිහැර කිරීම් හේතුවෙන් රැකියා ස්ථානයේදී ඔවුන්ගේ සැබෑ ස්වරූපයෙන් සිටීමේදී අසීරුතාවන්ට මුහුණදෙන බවයි.
ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 58% ක් ප්‍රකාශ කළේ තමන් වාචික හිරිහැරවලට මුහුණ දී ඇති බවත් 31% ක් කියා සිටියේ තමන් ලිංගික හිරිහැරවලට මුහුණ දුන් බවත්ය. 44% ක් කියා සිටියේ එවැනි සිදුවීම් කළමනාකාරිත්වයට වාර්තා කොට තවත් පලිගැනීම් වලට මුහුණ දීමට සිදුවෙතැයි ඇති බිය නිසා නිහඬව සිටින
බවයි. වඩාත් ඛේදජනක ලෙස, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 23% ක් මානසික හිරිහැර හේතුවෙන් සිය රැකියාවෙන් ඉවත් වූ බව ද සඳහන් කළහ.
රැකියා ස්ථානවල එවැනි වෙනස්කම් සිදුවීම LGBTIQ පුද්ගලයින්ගේ ආර්ථික සුරක්‍ෂිතතාවයට බෙහෙවින් හානි කරයි. ශ්‍රී ලංකාවේ සේවා ස්ථානවල සමරිසි, සංක්‍රාන්ති සමාජභාවී, ද්විරිසි භීතිකාවන් අවසන් කිරීම අත්‍යවශ්‍ය වේ.
සම්පුර්ණ වාර්තාව 

ප්‍රතිචාරයක් ලබාදෙන්න