දේදුණු සවිය – ශ්‍රී ලංකාවේ එකම LGBTIQ සබැඳි වෘත්තිමය අවකාශය

ශ්‍රී ලංකාවේ නිතිමය වපසරිය සහ සමාජ අපකීර්තිය හේතුවෙන්  සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික, සහ ප්‍රශ්නභාවී (LGBTIQ )  ප්‍රජාව දිනපතාම වෙනස්කොට සැලකීම් වලට මුහුණ දෙති. එනිසා LGBTIQ පුද්ගලයින් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ රැකියාවන් සොයා ගැනීම සහ  රැකියාක් තුල රැඳී සිටිම. සම්ක්ෂණ වලින් පෙනී යන්නේ ඔවුන් සේවා ස්ථානවල බොහෝ හිරිහැර හා  වෙනස්කොට සැලකීම් වලට මුහුණ දෙන බවත්, සේවයෙන් පහකිරීමට සහ  උසස්වීම් ලබා නොදිමට වැඩි ඉඩක් ඇති බවත්ය.මෙය ඔවුන්ගේ ආර්ථික සුරක්‍ෂිතතාවයට දැඩි ලෙස බාධා පමුණුවයි.

අනෙක් අතට, දක්ෂ හා පුහුණු ශ්‍රමකයින් සොයා ගැනීම ශ්‍රී ලංකාවේ බොහෝ සමාගම් මුහුණ දෙන පොදු ගැටලුවකි.  අප  දැනට මුහුණ දෙමින් පවතින අවිනිශ්චිත ආර්ථික   තත්වයක් තුල  ඉහළ සේවක පිරිවැටුම ඉතා අහිතකරය.   විවිධත්වයට ඉඩදිම දිරිගැන්වීම (D&I) ප්‍රවර්ධනය කිරීම සහ LGBTIQ හිතකාමී සේවා ස්ථාන බිහිකීරීම, ව්‍යාපාරවලට ඉහළ ශ්‍රම පිරිවැටුම හා සම්බන්ධ පිරිවැය වළක්වා ගැනීමට යොදාගත හැකිය, එපමණක් නොව, වර්තමානයේ අතිශයින් ගෝලීයකරණය වූ ආර්ථික පරිසරය තුළ, වෙනස් කොට නොසැලකීම් ප්‍රතිපත්ති වලට අනුකූල වීම ජාත්‍යන්තර වෙළඳපොළ තුල තරඟකාරීව මුහුණ දීමට හැකියාවක් ලබා දේ.

EQUAL GROUND මඟින් දියත් කරන “දේදුණු සවිය” (Dedunu Sawiya) ශ්‍රී ලංකාවේ මෙවැනි ආකාරයේ පළමු වෙබ් අඩවිය වන අතර රැකියා  අපේක්‍ෂකයන්   හා සේවා යෝජකයින්ට එකිනෙකා හා සම්බන්ධ වීමට ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් ලබා දෙයි

 එමෙන්ම විවිධත්වයට ඉඩදිම දිරිගැන්වීම (D&I) සහතිකය EQUAL GROUND වෙතින් ලබාගෙන ඇති සේවා යෝජක ආයතනවල  රැකියා අවස්ථා සොයා ගත හැකි සංසදයක්  LGBTIQ සේවකයින්ට ලබා දේ. මෙම සංසදය ආයතවල ඔවුන්ගේ පුරප්පාඩු ඉලක්කගත අයදුම් කරුවන් ප්‍රචාරය කිරීමට අවස්ථාව ලබා දෙය අතර LGBTIQ ප්‍රජාවේ සාමාජිකයින්ට ඔවුන්ගේ සුදුසුකම් සහ හැකියාවත් LGBTIQ හිතකාමී ව්‍යාපාර වෙත ප්‍රචාරය කිරීමට සුවිශේෂී ඉඩක් සලසා දේ. අනාගත රැකියා අපේක්‍ෂකයින් සඳහා නිපුණතා සංවර්ධන වැඩසටහන් සහ ආයතනික අංශය සඳහා විවිධත්වයට ඉඩදිම දිරිගැන්වීම (Diversity and Inclusion – D&I) සඳහා EQUAL GROUND විසින් මෙහෙය වන පුහුණු වැඩසටහන්ද මෙහි ඇතුලත්ය.

දේදුණු සවිය (Dedunu Sawiya) වෙබ් අඩවියට ඇතුළු වන්න

විවිධත්වයට ඉඩදිම දිරිගැන්වීම (Diversity and Inclusion – D&I) පුහුණුව සහ වෙනත්  සංවේද  කරන වැඩසටහන් පවත්වන ශ්‍රී ලංකාවේ එකම LGBTIQ සංවිධානය EQUAL GROUND වේ. වැඩිදුර තොරතුරු  media@equalgroundsrilanka.com හෝ +94114 334 279 හරහා ලබා ගත හැකිය. 

ප්‍රතිචාරයක් ලබාදෙන්න