කොළඹ අභිමානය (Colombo PRIDE) 2021 සැමරීම සඳහා Selyn, Brunch, Yellow Dot සහ Pulse මෙවර EQUAL GROUND සමඟ එක්වේ.

සෑම වසරකදීම මෙන්ම මෙවරත් Colombo PRIDE අඛණ්ඩව, ශක්තිමත්ව පැවැත්වෙනු ඇත. COVID-19 වසංගත තත්ත්වය නිසා ඇති වූ අභියෝග මධ්‍යයේ වුවද, අපගේ LGBTIQ අයිතිවාසිකම් සඳහා වන සංවිධාන ජාලය සහ අපට සහාය දක්වන මිතුරන් දිනෙන් දින අප සමඟ අත්වැල් බැඳ ගනී. Colombo PRIDE  2021 සඳහා එක්වන අලුත්ම සගයන් වන්නේ Selyn (දේශීය ව්‍යාපාරික සහකරු), Yellow Dot (සමාජ මාධ්‍ය සහකරු), Pulse  (මාර්ගගත – online මාධ්‍ය සහකරු) සහ Brunch (ඩිජිටල් මාධ්‍ය සහකරු) යන ආයතනයන්ය.

ශ්‍රී ලංකාවේ LGBTIQ ගැටළු පිළිබඳ දැනුවත් කිරීම, දැනුම ලබාදීම සහ ඒ වෙනුවෙන් සහයෝගය දැක්වීම උදෙසා Selyn විසින් දියත් කරන PIN IT WITH PRIDE වැඩසටහන උපකාරී වනු ඇත. EQUAL GROUND සමඟ එක්ව කටයුතු කිරීමෙන් Selyn හි කාර්ය මණ්ඩලයට අපගේ විවිධත්වයට ඉඩදීම(D&I) වැඩසටහන යටතේ පුහුණුව ලබා දෙන අතරම අපගේ ඉදිරි වැඩකටයුතු සඳහා ඔවුන් සිය සහාය අඛණ්ඩව ලබා දෙනු ඇත.

ඩිජිටල් සහ මාර්ගගත (online) මාධ්‍ය හවුල්කරුවන් ලෙස, Brunch සහ Pulse  මෙවර Colombo PRIDE 2021 සමඟ සම්බන්ධ වේ. ඔවුන් ලිපි, වීඩියෝ සහ සමාජ මාධ්‍ය ඔස්සේ මාධ්‍ය ආවරණය ලබා දෙනු ඇත. අපගේ පණිවුඩය පුළුල්ව මහජනතාව වෙත ගෙනයාමට සහ ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම Colombo PRIDE 2021 හි අභිප්‍රාය ප්‍රවර්ධනය කිරීමට මෙය කදිම අවස්ථාවකි.

සමානාත්මතාවය, ඇතුළත්වීම, ප්‍රතිසන්ධානය සහ සාමකාමී සහජීවනය යන මූලධර්ම මත පදනම් වූ Yellow Dot දැනුවත් කිරීම, සවිබල ගැන්වීම සහ උපදේශනය තුළින් අවදානමට ලක්විය හැකි සහ ආන්තික වූ කණ්ඩායම් ආරක්ෂා කිරීමට උත්සාහ කරයි. Colombo PRIDE 2021 වෙනුවෙන් ඔවුන් සතිපතා විශිෂ්ඨ LGBTIQ පුද්ගලයින් සමඟ ක්‍රියාකාරී සාකච්ඡා හා podcasts පවත්වනු ඇත.

 “ශ්‍රී ලංකාවේ LGBTIQ + අයිතිවාසිකම් සහ දැනුවත්භාවය පිළිබඳව අපි බොහෝ දුරක් පැමිණ ඇත්තෙමු, නමුත් අපට තව බොහෝ දුර යා යුතුව තිබේ! ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ හවුල්කාරිත්වය, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල සහ විශාල නගරවලින් පිටත වැඩ කරන හවුල්කරුවන් සමඟ සිටින ආයතනයන් සමඟ එක්වීම දැනුවත්භාවය වැඩිකිරීම හා පුළුල්ව ව්‍යාප්ත කිරීම සඳහා උපකාරී වේ. එබැවින්  Selyn අප සමඟ PRIDE සඳහා අත්වැල් බැඳගෙන සිටීම ගැන අපි ඉතාමත් සතුටට පත්වන අතර, ඉන් පසුව ඔවුන්ගේ සේවා ස්ථානයට අපගේ විවිධත්වයට ඉඩදීම(D&I) පිලිබඳ වැඩමුළු හා දැනුවත්කිරීම් දිගින් දිගටම සිදු වනු ඇත! ” යනුවෙන් EQUAL GROUND හි විධායක අධ්‍යක්ෂිකා Rosanna Flamer-Caldera පැවසීය.

“මේ අතරම, LGBTIQ අයිතිවාසිකම් පිළිබඳව සාමාන්‍ය ජනතාව සංවේදීකරණය සහ දැනුවත් කිරීම සඳහා මාධ්‍ය විසින් ඉටු කරනු ලබන කාර්යභාරය සුළු කොට තැකිය නොහැක. සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත අපගේ පණිවිඩය ලබාදීමේදී ජනමාධ්‍යය යනු අපගේ ශක්තිමත්ම හා වඩාත් ප්‍රබලම මිතුරා වේ. එබැවින් ඩිජිටල් සහ මාර්ගගත (online) මාධ්‍ය හවුල්කරුවන් ලෙස Brunch සහ Pulse අප සමග එක්වීම ගැන අපි අතිශයින් කෘතවේදී වෙමු.”

“සමාජ මාධ්‍ය යනු තවත් ඉතා වැදගත් මාධ්‍යයක් වන අතර LGBTIQ අයිතිවාසිකම් වෙනුවෙන් කැපවන ක්‍රියාකාරීන් සඳහා, විශේෂයෙන්ම තරුණ ක්‍රියාකාරීන් සඳහා ඉතාමත් සුදුසු වේදිකාවකි. එබැවින් Yellow Dot සංවිධානය අප සමඟ එක්වීම අපගේ සතුටට හේතු වේ. අපට එක්ව Colombo PRIDE 2021 අනගිභවණීය සාර්ථකත්වයට ගෙන යා හැකිය! ” යනුවෙන් ඇය තවදුරටත් පැවසුවාය.

Colombo PRIDE 2021 සඳහා අපගේ සාමූහිකය හා එක් වීමට කැමති නම්, media@equalgroundsrilanka.com. වෙත විද්‍යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ වන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න